FAST NEWS

24×7 Around the Globe

සාමන්‍ය පෙළ දෙවන අදියරේ කටයුතු ලබන 08 වනදා සිට…

 

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ දෙවන අදියරේ කටයුතු ලබන 08 වනදා සිට 17 වනදා දක්වා කාලය තුළ සිදුකිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

මධ්‍යස්ථාන 29 ක් මේ සදහා යොදාගන්නා අතර පාසල් 06 ක් අදාළ කාලය තුළ සම්පූර්ණයෙන් වසා දැමෙන බවත්, සෙසු පාසල් 23 වසා දැමීමකින් තොරව සිදු කෙරෙන බවත් එම දෙපාර්තමේන්තුව පැවසුවේය.

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ පළමු අදියර පසුගිය 23 වනදා සිට 31 වන දා දක්වා සිදුකරනු ලැබීය.