ඊයේ (01) පස්වරුවේ කාසල්රි ජලාශ රක්ෂිතයේ හටගත් ගින්නකින් එම රක්ෂිතයේ අක්කර 02 ක පමණ කොටසක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇත.
එම රක්ෂිතයේ නොර්වුඩ් රොක්වුඩ් වත්ත ප්රදේශයේදී එම ගින්න හටගෙන ඇති අතර පවතින වියළි කාලගුණයත් සමඟ ඉලුක් සහිත මෙම රක්ෂිතයට කිසියම් පිරිසක් විසින් ගිනි තබන්නට ඇති බව කාසල්රි ජලාශ භාර ආරක්ෂක අංශ සැක පළ කරයි.
පැවති අධික සුලං තත්ත්වයත් සමඟ ගින්න සිඝ්රයෙන් පැතිර ගොස් ඇති අතර කාසල්රි ජලාශයේ ධිවරයන් විසින් පැතිර යමින් තිබු ගින්න මැඩ පවත්වා තිබේ.
රක්ෂිතවලට ගිනි තබන පුද්ගලයන් පිලිබද තොරතුරු වෙතොත් ළඟම පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස කාසල්රි ජලාශයේ ආරක්ෂක අංශයේ නිලධාරින් ජනතාවගෙන් ඉල්ලා සිටියි.








