පසුගිය 2018 වසරේදී පමණක් මත්ද්‍රව්‍ය වැටලීම්වලදී හෙරොයින් කිලෝග්‍රෑම් 736 ක්, ගංජා කිලෝග්‍රෑම් 4585 ක්, කොකේන් කිලෝ 16 ක් සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සදහන් කරයි.
ඊට අමතරව හෂීෂ් කිලෝග්‍රෑම් 13 ක්, අයිස් කිලෝග්‍රෑම් 06 ක් ද සොයාගැනීමට සමත්ව ඇත.
මෙම සිද්ධීන් වලට සම්බන්ධයෙන් සැකකරුවන් 95,797 දෙනෙකු අත්අඩංගුවට ගත් බවද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේය.








