FAST NEWS

24×7 Around the Globe

නව වසරට ජනපතිගෙන් හා අගමැතිගෙන් සුභ පැතුම් පණිවිඩ…..

 

ලැබුවා වූ 2019 නව වසර ශ්‍රී ලංකාවාසීන් ඇතුළු ලෝකවාසීන් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර ජනාධිපතිවරයා හා අගමැතිවරයා විසින් සුභ පැතුම් පණිවිඩ ද එක්කරනු ලැබීය.

නව වසරට සුබ පැතුම් එක් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ නව අපේක්ෂාවන් යථාර්ථවත් කර ගැනීමට නව වසරේ අපට හැකි වනුයේ ගෙවී ගිය වසරේ අප උගත් පාඩම් යළි විමසා බැලීමෙන් බවයි.

නව වසරක උදාව සිදුවීමට ආසන්නතම මොහොත ගත වූ වසරේ අප ගෙවාලූ ජීවිතය එහි ජය, පරාජයන්, සරු, නිසරුකම් පිළිබදව යළි මෙනෙහි කිරීමට සුදුසුම කාලය බවත් ජනාධිපතිවරයා තම සුභ පැතුම් පණිවිඩයෙන් කියා සටියි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද සදහන්කර සිටින්නේ නව වසර එළඹෙන්නේ දේශයටත්, ජනතාවටත් නව අරමුණු, අධිෂ්ඨානයන් පෙළ ගැසෙන නව යුගයක උදාව සමගින් බවයි.

ගෙවුණු වසරේ මුහුණ දීමට සිදුවූ බරපතල අභියෝගය ජය ගනිමින් ජනතා පරමාධිපත්‍යය තහවුරු කරමින්, නව වසර පිළිගන්නට ලැබීම අප සැම ලද ජයග්‍රහණයක් බව අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.