රජරට විශ්වවිද්‍යාලය කඩිනමින් විවෘත කරන ලෙස ඉල්ලා විශ්වවිද්‍යාල කිහිපයක් ඉදිරිපිට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන විරෝධතාවන් මේ වන විට ක්‍රියාත්මකව ඇත.
රුහුණ, පේරාදෙණිය, කැළණිය, ජයවර්ධනපුර, සබරගමුව සහ අග්නිදිග විශ්වවිද්‍යාල ආසන්නයේ දැනට විරෝධතා පැවැත්වෙන බවයි එහි කැඳවුම්කරු මහීල් බණ්ඩාර දෙහිදෙණිය කියා සිටියේය.
විජේරාම මංසන්ධිය අසල පැවති මෙම විරෝධතාව නිසා හයිලෙවල් මාර්ගයේ රථ වාහන ගමනාගමනයට ද බාධා මතුවූ බව වාර්තා වෙයි.








