අමාත්‍යවරුන් ඉදිරිපත් කරන කැබිනට් පත්‍රිකා අමාත්‍ය මණ්ඩලයේ සාකච්ඡා කිරීමට පෙර අධ්‍යයනය කිරීම සදහා විශේෂ කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇති බව බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
ආණ්ඩුවේ පක්ෂ නායකයින්ගෙන් සැදුම් ලබන මෙම කමිටුවේ ප්‍රධානත්වය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් දරණ බව හෙතෙම පැවසීය.
අත්‍යාවශ්‍ය කැබිනට් පත්‍රිකා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට සහ ජනාධිපතිවරයා සමග ඇති වන ගැටුම් වළක්වා ගැනීම මෙම කමිටුව පත් කිරීමේ අරමුණ වි ඇති බවද හෙතෙම කියයි.
නව වසරේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අනිද්දා (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.








