FAST NEWS

24×7 Around the Globe

අයවැය පෙබරවාරියේ එයි..

 

නව ආණ්ඩුවේ 2019 වර්ෂය සඳහා අයවැය ලබන පෙබරවාරි මාසයේදී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

අනතුරුව විවාදය පවත්වා අප්‍රේල් මුලදී අයවැය සම්මත කර ගැනීමට නියමිතව ඇති බවද එම ආරංචි මාර්ගවලින් කියැවේ.

ලබන වසරේ අයවැය සම්මත කර ගන්නා තෙක් මුල් කාර්තුවේ රජයේ වියදම් පියවා ගැනීම සඳහා ආණ්ඩුව විසින් ඉකුත්දා පාර්ලිමේන්තුවේදී අතුරු සම්මත ගිණුමක්ද සම්මත කරගනු ලැබීය.