හෙට (01) සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි පේණු සහ කෙවෙනි සඳහා නව ප්රමිතීන් හඳුන්වා දෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව හෙට සිට අලෙවි කළ හැක්කේ සහ මිලදී ගත යුත්තේ එම ප්‍රමිතීන්ට අනුකුල පේණු සහ කෙවෙනි පමණක් බව එම කොමිසමේ අධ්යක්ෂ ජෙනරාල් දමිත කුමාරසිංහ මහතා පැවසීය.
විදුලි අනතුරු අවම කර ගැනීමේ අරමුණින් පේණු සහ කෙවෙනි සඳහා මෙම නව ප්රමිතීන් හඳුන්වා දීමට කටයුතු කළ බව ඒ මහතා පැවසීය.
කෙසේ වෙතත් දැනට භාවිතා කරන විදුලි පේණු සහ කෙවෙනි ඉවත් කිරීමේ කිසිම අවශ්‍යතාවයක් නොමැති බවත් ඒවායේ කාලය අවසන් වනතෙක් භාවිතා කළ හැකි වේ.
අලුතින් මිලදී ගන්නා උපකරණවලදී මෙම නව ප්‍රමිතියට අනුකූල වියයුතු අතර දිගින් දිගටම නව ප්‍රමිතියට අනකූල නොවන විදුලි පේණු සහ කෙවෙනි අලෙවි කිරීම් සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය කටයුතු කරනු ඇති බව අධ්යක්ෂවරයා වැඩිදුරටත් සදහන් කළේය.








