කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල ඇතුලු මෙරට ගුවන්තොටුපල සහ වරායන් තුල මගී නිෂ්කාශණ කටයුතු සිදුකිරීමේදී දැඩි ප්‍රමාදයක් සිදුවන බව පසුගියදා වාර්තා විය.
ආගමන විගමන පාලක ජනරාල් නිහාල් රණසිංහ මහතා සදහන්කර සිටියේ විදේශ ගමන් බලපත්‍ර පරීක්ෂා කිරීමේ පද්ධතියේ පවතින ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් කටුනායක ගුවන් තොටුපලේ ආගමන විගමන කවුලුවල හටගෙන ඇති ප්‍රමාදය අද හෝ හෙට දිනය වන විට යථා තත්වයට පත් කිරීමට හැකි වනු ඇති බවයි.
අලුතින් ස්ථාපිත කළ පද්ධතිය මගින් එක් ගුවන් මගියකු පරීක්ෂා කිරීම සදහා වැඩි වේලාවක් ගතවීම හේතුවෙන් ගුවන්තොටුපලේ මගී නිෂ්කාශණ අංශයේ දිගු පෝලීම් ද ඇතිවී තිබේ.
කෙසේවෙතත් මෙම ගැටලුවට අද හෝ හෙට දිනය තුල විසදුමක් ලබාදීමට කටයුතු කරමින් සිටින බව නිහාල් රණසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.








