FAST NEWS

24×7 Around the Globe

උතුරු දකුණු කොරියානු එකඟතාවයකට පත්වෙති.

දෙරට අතර මතභේද තුරන් කිරීමේ එකඟත්වයකට උතුරු සහ දකුණු කොරියානු රාජ්‍ය එළඹී තිබේ.
ඒ දෙරට අතර යුද්ධයක් ඇති විය හැකි තරම් උණුසුමක් පැණ නැගී අවස්ථාවකදියී.

මෙලෙස එකඟත්වයකට එළඔ ඇත්තේ පැන්-මුන්-ජොම් දේශසීමා නගරයේ දී පැවැති ඉහළ පෙළේ සාකච්ඡාවලින් අනතුරු බව විදෙස් වාර්තා පවසයි.

උතුරු කොරියාවට එරෙහිව දේශසීමා ප්‍රදේශයේ ක්‍රියාත්මක කරන ගුවන් විදුලි ප්‍රචාර නතර කිරීමට දකුණු කොරියාව එහිදී එකඟත්වය පළ කර ඇත.

එමෙන්ම දේශසීමාවේ යුද සූදානම ඉවත් කර ගැනීමට ද උතුරු කොරියාව එකඟ වී ඇති බව ද සදහන්.

මෙම නව එකඟත්වය සම්බන්ධයෙන් උතුරු සහ දකුණු කොරියානු රාජ්‍ය ඒකාබද්ධ ප්‍රකාශයක් ද නිකුත් කර ඇත.