අද (31) දිවයිනේ බොහෝ පළාත්වල ප්‍රධාන වශයෙන් වැසි රහිත වියලි කාලගුණ තත්ත්වයක් පවතින අතර පෙරවරුවේ සහ රාත්‍රී කාලයේ ශීත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.
නමුත් නැගෙනහිර පළාතෙත් මුලතිව්, බදුල්ල සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර ඇතිවිය හැකි බව එම නිවේදනයේ සදහන් වේ.
මධ්‍යම, වයඹ, බස්නාහිර සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40 ක් දක්වා තරමක් තද සුළං ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.








