FAST NEWS

24×7 Around the Globe

මොහොමඩ් නිසාම්ඩීන්ව අත්අඩංගුවට ගැනීමට හේතුවූ අර්සලාන් කවාජා යළිත් පොලිස් දැලේ..

 

ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය හදාරන ශ්‍රී ලාංකික මොහොමඩ් නිසාම්ඩීන් ත්‍රස්තවාදී සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට ගැනීමට කුමන්ත්‍රණය කළ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක උස්මාන් කවාජාගේ සොහොයුරු අර්සලාන් කවාජා නැවතත් එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 

ඒ සාක්ෂිකාරියකගේ සොහොයුරෙකු අමතා බලපෑම් කිරීමට උත්සාහ කිරීමෙන් ඇප කොන්දේසි කඩකිරීම හේතුවෙන්.

එහිදී ඇය නිසාම්ඩීන්ට එරෙහිව සාක්ෂිදීම සඳහා යොදාගැනීමට හෝ සාක්ෂි රඳවාගැනීමට උත්සාහ කර ඇති බව පොලීසියේ මතය වේ.

අර්සලාන්ගේ කුමන්ත්‍රණය නිසා මසකට ආසන්න කාලයක්  ඕස්ට්‍රේලියානු අධිආරක්ෂිත බන්ධනාගාරයක රඳවා සිටි මොහොමඩී නිසාම්ඩීන් පසුව එරට පොලිසිය විසින් මුදාහරිනු ලැබීය .