FAST NEWS

24×7 Around the Globe

ප්‍රකාශයක් ලබාදීම සදහා සමන් රත්නප්‍රිය පොලිස් මූලස්ථානයට..

 

පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා අද (28) පෙරවරුවේ දෙවන දිනයටත් පොලිස් මූලස්ථානයට කැදවා තිබුණි.

ඒ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් සිදුකළේ යැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රකාශයක් ලබාදීම සදහායි.

පසුගිය 17 වනදා දෙවන වරට ඔහුව කැඳවා තිබුණද, පෞද්ගලික කටයුත්තක් හේතුවෙන් එදින පැමිණීමට නොහැකි බව රත්නප්‍රිය මහතා පොලිස් විමර්ශණ ඒකකයට දැනුම්දී තිබුණි.