ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ධූරයට නැවත වරක් ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද මහත්මිය පත්කර ඇත.
අද (28) පෙරවරුවේ ඇය සිය රාජකාරී නිළ වශයෙන් ආරම්භ කළ අතර රූපවාහිනී සංස්ථාවේ කාර්ය මණ්ඩලය සහ එක්සත් ජාතික කලා සංසදයේ සාමාජිකයින් විසින් සභාපතිනියව පිළිගනු ලැබීය.
“සුළං කිරිල්ලී“ චිත්‍රපටයෙන් අන්තර් ජාතිකව ඇගැයීමට පාත්‍රවූ සිනමාවේදිනියක වන ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද මහත්මිය “සින්ඩරෙල්ලා“ චිත්‍රපයේ ද අධ්‍යක්‍ෂවරියයි. මෙරට වැඩිම ජාත්‍යන්තර සම්මාන ගණනාවක් දිනා ඇති චිත්‍රපටය බවට සුළං කිරිල්ලී පත්ව තිබීම විශේෂත්වයකි.








