තංගල්ල – පලපොත ප්‍රධාන සම්ප්‍රේෂණ නල මාර්ගයේ අලුත්වැඩියාවක් හේතුවෙන් ප්‍රදේශ කීපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය සදහන් කරයි.
හෙට (28) පෙරවරු 8.00 සිට 30 වනදා පෙරවරු 8.00 දක්වා පැය 48 ක කාලයක් තංගල්ල පලපොත, කදුරුපොකුණ, සීනිමෝදර, උනාකූරුව, ගොයම්බොක්ක, කොස්වත්ත සහ පල්ලිකුඩාව යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.








