FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තු ගැටුම්කාරි තත්වය විමසන කමීටුව වාර්තාව සැකසීම අරඹයි..

 

පාර්ලිමේන්තු සභා ගර්භය තුළ ඇතිවූ ගැටුම්කාරි සිද්ධිය පිළිබඳ කරුණු සොයා බැලීමට නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාගේ සභාපතීත්වයෙන් පත් කළ කමිටුව අද (27) පෙරවරු 09.30ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්ව තිබේ.

මේ වන විට අදාල කමිටුව පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම්කාරි සිද්ධියට අදාල විඩියෝ දර්ශන නරඹා ඇති අතර ඊට අදාල වාර්තාව සැකසීම ආරම්භ කර ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියයි.

කෙසේවෙතත් ගැටුම ඇති වු දිනයේ සංස්කරණය නොකළ දර්ශන ඇතුළත් විඩියෝ පට ලබා ගැනිම සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට අද (27) දිනයේ මාධ්‍ය ආයතන නියෝජිතයින් කමිටුව හමුවට කැඳවා තිබූ බවද කමිටුව යලි ලබන වසරේ ජනවාරි මස 03 වනදා රැස්විමට නියමිත බවත් පැවසේ.

කථානායක කරූ ජයසූරිය මහතා විසින් පත් කළ මෙම කමිටුවට නියෝජ්‍ය කථානායකවරයාට අමතරව චමල් රාජපක්ෂ, රංජිත් මද්දුමබණ්ඩාර, චන්ද්‍රසිරි ගජධීර, බිමල් රත්නායක සහ මාවෙයි සේනාධිරාජා යන මන්ත්‍රීවරුන් ඇතුළත්ය.