පසුගිය දිනවල පාර්ලිමේන්තු සභා ගර්භයේ හටගත් ගැටුම්කාරී තත්වය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කෙරෙන පාර්ලිමේන්තු කමිටුව අද (27) දිනයේ යලිත් රැස්වීමට නියමිතය.
නොසන්සුන්කාරී අවස්ථා පැවති දිනවල අදාළ වීඩියෝ දර්ශන සියල්ල මේ වන විට නරඹා අවසන් බවත් , සිද්ධිය සම්බන්ධයෙන් ඇති පොලිස් වාර්තාව ද සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තු කමිටුව මගින් අවසන් වාර්තාව සකස් කරන බව නියෝජ්‍ය කතානායකවරයා සඳහන් කළේය.








