FAST NEWS

24×7 Around the Globe

විපතට පත් ජනතාව වෙනුවෙන් අගමැති හෙට (28) උතුරට…

 

පසුගිය දිනවල උතුරු පළාතට ඇදහැලුනු අධික වර්ෂාව හේතුවෙන් ඇතිවූ අධික ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත්වූ ජනතාවගේ සුවදුක් විමසා බැලීමට සහ අවශ්‍ය සහන පිළිබඳව විමසා බැලීමට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හෙට (28) එම පළාතේ සංචාරයක යෙදීමට නියමිතව ඇත.

ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන ඇමැති වජිර අබේවර්ධන මහතා ඊයේ (26) අග‍්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව සදහන් කර සිටියේය.

විපතට පත් ජනතාව මුදා ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය විශාල මෙහෙවරක්‌ සිදු කරමින් සිටින බව ද ඇමැතිවරයා පැවසීය.

ඊට අමතරව ප්‍රාදේශීය ලේකම්වරුන්, ග්‍රාම නිලධාරීන් ඇතුළු තවත් රාජ්‍ය ආයතනවල නිලධාරීන් දිවා රෑ නොබලා සිය රාජකාරි ඉටු කරන බවත් ,  සිවිල් සංවිධාන ඇතුළු විවිධ පාර්ශ්ව ආධාර ලබාදීමට ඉදිරිපත්ව සිටින බවත් මේ සියලුම දෙනාට රජයේ ස්‌තුතිය ප්‍රකාශ කරන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.