FAST NEWS

24×7 Around the Globe

දුම්රිය වර්ජනය අත්හිටුවයි..

 

දුම්රිය වැටුප් හා ශ්‍රේණි විෂමතාව සඳහා ලබා දී තිබු කැබිනට් අනුමැතිය මෙතෙක් ක්‍රියාත්මක නොකිරිමට  විරෝධය දක්වා ,දුම්රිය වෘත්තීය සමීති කිහිපයක් විසින් අද (26) මධ්‍යම රාත්‍රීයේ සිට ආරම්භ කිරිමට නියමීතව තිබු පැය 48 ක සංකේත වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව එම දුම්රිය වෘත්තිය සමීති කියයි.

දුම්රිය රියදුරන් , නියාමකවරුන්, ස්ථානාධිපතිවරුන්, පාලකවරුන් සහ අධික්ෂණ කළමනාකරුවන් යන ශ්‍රේණි කිහිපයක වෘත්තිය සමීති  එක්ව මෙම වර්ජනය ආරම්භ කිරිමට නියමීතව තිබුණි

සිය ගැටලුව සම්බන්ධව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සහ වෘත්තිය සමිති නියෝජිතයින් හා පැවැති සාකච්ඡාවේදී ගැටළුවට මාසයකදී විසඳුමක් ලබා දෙන බවට  ලිඛිතව දුන් පොරොන්දුව අනුව වර්ජනය අත්හිටුවීමේ  තීරණයට පැමිණි බව එම වෘත්තීය සමීති වැඩි දුරටත් කියයි