මධ්‍යම, සබරගමුව, ඌව, දකුණු, බස්නාහිර සහ වයඹ පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාළගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව අද (26) දහවල් නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙයි.
උතුරු-මැද පළාතෙත් ත්‍රිකුණාමලය සහ මඩකළපුව දිස්ත්‍රික්ක වලත් ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් ,ඇතැම් ස්ථානවලට, විශේෂයෙන් මධ්‍යම, සබරගමුව,ඌව සහ දකුණු පළාත්වල මි.මී 100 ක පමණ තද වැසි සහ බස්නාහිර පළාතේ ඇතැම් ස්ථාන වලට මි.මී 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවද එම නිවේදනයෙහි සඳහන් වෙයි.
මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු වන බවද එම නිවේදනයෙහි සඳහන් වෙයි.








