FAST NEWS

24×7 Around the Globe

උතුරේ ජල ගැල්මෙන් සිදුවු හානි සඳහා රජයෙන් වන්දි..

උතුරේ දිස්ත්‍රික් 05 ක පුද්ගලයින් 75000කට අධික සංඛ්‍යාවක් පීඩාවට පත්කමින් හටගත් ජල ගැල්ම හේතුවෙන් හානියට පත් නිවාස දේපළ, ගොවිබිම් හා පුද්ගලයින්ට වන්දි ගෙවීමට රජය පියවර ගන්නා බවත් ඒ සඳහා දිසාපතිවරුන් හා ප්‍රාදේශීය ලේකම්වරන් මගින් දැන් සංඛ්‍යාලේඛන සකස් කරගෙන යන බවත් රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ ඇමති රංජිත් මද්දුමබණ්ඩාර මහතා අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද (26) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

උතුරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 14 කට මෙයින් බරපතල හානි සිදුවී ඇති අතර ඔවුන්ට පිසූ ආහාර සහ වියළි ආහාර බෙදා හැරීම දැන් සිදුකරගෙන යන බවත් පැවසූ රංජිත් මද්දුමබණ්ඩාර මහතා ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය මැදිහත් වී විපතට පත් දහස් ගණනක් බේරා ගෙන තිබෙන බවද අමාත්‍යවරයා මෙහිදි පෙන්වා දුන්නේය.