ඉදිරි පැය කිහිපය තුළදීත් සබරගමුව, බස්නාහිර,සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
වර්ෂාවත් සමග ප්‍රභල අකුණු සහ ගිගුරුම් ඇතිවීමේ හැකියාවක් පවතින අතර සමහර ස්ථාන වලට මිලි මීටර් 75 ට වැඩි තද වැසි බලාපොරොත්තු විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.
උතුර සහ නැගෙනහිර පළාත්වලටත් පොළොන්නරුව දිස්ත්‍රික්කයටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවයි.
උතුරේ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 87,000කට වැඩි පිරිසක් තවමත් පීඩාවට පත්ව සිටියි.
උතුරේ ගං වතුරෙන් විපතට පත් ජනතාවගේ හානිවූ නිවාස අලුත්වැඩියා කරගැනීමට අලාභය තක්සේරු කිරීමෙන් අනතුරුව රුපියල් දෙලක්ෂ පනස් දහසක උපරිමයකට යටත්ව වන්දි මුදල් ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත.
එමෙන්ම එහි මූලික පියවර වශයෙන් රුපියල් දස දහසක මුදලක් ලබාදීමට පියවර ගන්නා ලෙස උතුර පළාත් ආණ්ඩුකාරවරයාට සහ රාජ්‍ය නිලධාරීන් වෙත ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත.








