FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිපය සම සංවිධායක ධුර අහෝසි කරයි…

 

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සම සංවිධායක ධුර අහෝසි කර ආසන හා දිස්ත්‍රික් සංවිධායක ධුර ඇති කිරීමට තීරණය කර අැති මේ අනුව ආසනයට එක් සංවිධායකවරයෙකු හා දිස්ත්‍රික්කයට එක් සංවිධායකවරයෙකු වශයෙන් පත් කිරීමට නියමිත බව එම පක්ෂය කියයි.

දැනට සම සංවිධායක ධුර දරන්නන් සඳහා සංවිධායක තනතුර පිරිනැමීමෙන් පසු සෙසු පිරිසට දිස්ත්‍රික් හෝ ආසන කළමනාකරු තනතුරු ලබාදීමට සැලසුම් කර ඇති බව කියැවේ.

පක්ෂයේ කටයුතු පුළුල් කිරීමට හා පක්ෂයේ වැඩපිළිවෙළ ගම් මට්ටමට ගෙනයෑම සඳහා මෙම කටයුතු සිදු කිරීමට තීරණය කර ඇති බව ශ්‍රීලනිපය කියයි.