FAST NEWS

24×7 Around the Globe

අමාත්‍ය විෂය පථය පිළිබඳ ගැසට් පත්‍රය ප්‍රමාදයි..

 

නව කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරුන්ට පැවරෙන විෂය පථයන් ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීම තවදුරටත් ප්‍රමාද වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එම ගැසට් නිවේදනය අද(24) වන විට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉකුත් බ්‍රහස්පතින්දා පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර තිබිණි.

ජනාධිපතිවරයා පෞද්ගලික සංචාරයක් සඳහා අද(24) පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගිය අතර දින හතරක පමණ කාලයක් විදේශගතව සිටිනු ඇති බවත් ,ඒ අනුව ගැසට් නිවේදනය නිකුත් කිරීම තව දින හතරකින් පමණ කල් යනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩි දුරටත් කියයි.