FAST NEWS

24×7 Around the Globe

කේරළ ගංජා සමග ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු තමිල්නාඩු පොලිස් අත්අඩංගුවට…

 

කේරළ ගංජා කිලෝග්‍රෑම් 30 ක් සමග ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ඇතුළු 04 දෙනෙකු තමිල්නාඩුවේ – මදුරෙයි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අනෙක් සැකකරුවන් දෙදෙනා තමිල්නාඩුවේම පදිංචිකරුවන් වන අතර ලංකාවට රැගෙන ඒම සදහා මෙම කේරළ ගංජා තොගය එක්රැස් කරගෙන තිබේ.

කේරළ ගංජා තොගයේ වටිනාකම ඉන්දීය රුපියල් තුන්ලක්ෂ 88,000 ක් වන අතර ලංකාවේ සහ මැලේසියාවේ මුදල් තොගයක් ද ඔවුන් සන්තකයේ තිබී සොයාගෙන ඇත.

වැඩිදුර විමර්ශන කටයුතු මදුරෙයි පොලීසිය මගින් ක්‍රියාත්මක බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සදහන් කළේය.