FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිප ප්‍රතිසංවිධානය ජනවාරියේ..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන  මහතා සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරු අතර හමුවක් අද (24) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේදී පැවති බ ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ සහ ප‍්‍රතිසංවිධාන කටයුතු පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් වූ බවබත් පක්ෂයේ ප‍්‍රතිසංවිධාන වැඩපිළිවෙළ ලබන ජනවාරි මැද වන විට ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා පවසා ඇත.

එමෙන්ම පුළුල් සන්ධානයක් ලෙස ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරමින් ඉදිරි දේශපාලන කටයුතු සඳහා සූදානම් කිරිමට සියලු ආසන සංවිධායකවරුන් නායකත්වය ගෙන කැපවීමෙන් කටයුතු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළ බව ජනපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් දැක්වෙයි.