උතුර පළාතේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් පාසල් දරුවන්ට සහන සැලසීමට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරින්ට උපදෙස් ලබාදී ඇත.
අයහපත් කාලගුණයෙන් නිවාස අහිමි වූ පාසල් සිසුන් සදහා අමතර නිල ඇදුම් කට්ටලයක් සහ පාවහන් ගැනීමට වවුචර ලබාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.
එමෙන්ම පෙළපොත් හානියට පත්ව ඇත්නම් ඒ සදහා නව පෙළපොත් ලබාදීමට කටයුතු කරන ලෙසටත් අධ්‍යාපන අමාත්‍යවරයා අදාළ බළධාරීන්ට උපදෙස් ලබා දී ඇත.








