හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (24) නියෝග කර තිබේ.
වැලිකඩ බන්ධනාගාරයේදී සිරකරුවන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය.
අදාළ නඩුව අද කැදවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි.
ඒ අනුව අදාළ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා සැකකරු ලබන 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරනු ලැබීය.








