පෘතුගාලයේ ලිස්බන් නුවර දී පසුගිය දා පැවැත්වූණු 25 වන ලෝක සංචාරක සම්මාන උළෙලේ දී ඉන්දියානු සාගර කළාපය වෙත පියාසර කරන ලොව ප්‍රමුඛතම ගුවන් සේවය ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවය තෙවන වරටත් සම්මානයට පාත්‍ර වී තිබේ.
මෙම ලෝක සංචාරක උළෙල ජාත්‍යන්තර සංචාරක ව්‍යාපාරයේ විවිධ අංශ හදුනා ගැනීම සහ එම සංචාරක ව්‍යාපාරයේ විශිෂ්ඨතා ඇගැයීමත් සිදු කරන වැඩසටහනකි.






