මහරගම අපේක්ෂා රෝහලට අවශ්‍ය පිළිකා ඖෂධ සියල්ල අද (24) වනවිට රෝහලට ලැබීමට සලස්වන ලෙසත් ඒ අනුව ඖෂධ හිඟය මගහැරවීමට හිඟ පිළිකා ඖෂධ ගුවන් මගින් මෙරටට ගෙන්වීමටත් තීරණය කළ බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා උපදෙස් ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
රෝහල්වල පවතින ඖෂධ හිඟය පිළිබඳව සාකච්ඡා කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් කැඳවූ අවස්ථාවේදී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදී තිබේ.
මෙම ඖෂධ හිඟය හේතුවෙන් අපේක්ෂා රෝහලට රෝගීන් ඇතුළත් කරගැනීම පසුගිය 21 වැනිදා තාවකාලිකව අත්හිටුවීමටද කටයුතු කර තිබේ.








