පසුගිය දින කිපයේ පැවති අධික වර්ෂාපතනය හේතුවෙන් රාජාංගණය, අංගමුව සහ දැදුරුඔය ජලාශවල වාන් දොරටු කිහිපයක් මේ වනවිට විවෘත කිරීමට පියවර ගෙන ඇත.
පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂ ඒ.එම්. ආර්.එම්.කේ. අලහකෝන් කියා සිටියේ මේ හේතුවෙන් පරණ මන්නාරම මාර්ගය එළුවන්කුලම ප්‍රදේශයෙන් තාවකාලිකව වසා දමා ඇති බවයි.








