2019 පළමු මාස 04 සඳහා රජයේ වියදම් පියවා ගැනිම වෙනුවෙන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රු. බිලියන 1,765 ක අතුරු සම්මත ගිණුම වැඩි ඡන්ද 96 කින් සම්මත විය.
ඒ අනුව ඊට පක්ෂව ඡන්ද 102 ක් ප්‍රකාශ වු අතර විපක්ෂව ඡන්ද 06 ක් ප්‍රකාශ විය.
ඡන්දය විමසන අවස්ථාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු ගැබෙහි නොසිටියේය.
දෙමළ සන්ධානය මීට පක්ෂව හා ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂවද ඡන්දය ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුව ජනවාරි 08 වැනිදා පස්වරු 01 දක්වා පාර්ලිමේන්තුව කල් තැබිමට කථානායක කරූ ජයසුරිය මහතා කටයුතු කළේය.








