කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10.30 ට පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරනු ලැබීය.
සභාව ආරම්භ කිරීමට පෙර අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතුරු සම්මත ගිණුම සම්බන්ධයෙන් සහ පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීමක් ද පැවැත්විය.








