හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරයට පත්කිරීම සම්බන්ධයෙන් කථානායකවරයාගේ ස්ථාවරය අද (21) පාර්ලිමේන්තුවට දැනුම්දීමට නියමිතව ඇත.
එජනිසයේ බහුතර මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් විපක්ෂය නියෝජනය කිරීම සහ එම සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ඉවත්ව තිබීම හේතුවෙන් මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස තමන් පිළිගන්නා බව කථානායකවරයා පසුගියදා ප්‍රකාශ කරනු ලැබීය.
නමුත් එක්සත් ජාතික පක්ෂය සහ දෙමල ජාතික සන්ධානය අවධාරණය කලේ මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ මන්ත්‍රී කණ්ඩායමක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නම් පක්ෂයක සාමාජිකත්වය ගෙන ඇති බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඔවුන්ගේ මන්ත්‍රීධූර අභියෝගයට ලක්ව ඇති බවයි.
එම කරුණු සලකා බැලූ කථානායකවරයා පසුගිය අගහරුවාදා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ විපක්ෂනායක ධූරයට මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීම පිළීබද තම ස්ථාවරය අද දින ප්‍රකාශයට පත් කරන බවයි.
පාර්ලිමේන්තුව අද (21) පෙරවරු 10. 30 ට රැස්වීමට නියමිතයි.








