FAST NEWS

24×7 Around the Globe

පොලිස්‌පති නියමයෙන් නියොමාල් රංගජීවට ස්ථාන මාරුවක්…

 

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ වැටලීම් ප්‍රධානියාව සිටි පොලිස් පරීක්‍ෂක නියොමාල් රංගජීව මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ (20) දින සිට පොලිස් ක්‍ෂේත්‍ර බළකා මූලස්ථානයට මාරු කර යැවීමට කටයුතු කර ඇත.

පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා විසින් මෙම ස්ථාන මාරුව ලබාදී ඇති අතර සේවා අවශ්‍යතා මත මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.

රංගජීව මහතා පිළියන්දල ප්‍රදේශයේදී මත්කුඩු ජාවාරම්කරුවන්ගේ වෙඩි ප්‍රහාරයකට ගොදුරුවී මාරාන්තික තුවාල ලබා සිටි අයෙක් වන අතර ඉන් පසුව ඔහුට පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් ලබාදුන් ආරක්‍ෂාව ඉවත් කිරීමටද පියවර ගෙන ඇත.