කැබිනට් අනුමැතිය හිමි වූ නව ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුම අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.
මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයාව සිටි කාල සීමාව තුළ සකස් කරන ලද රුපියල් බිලියන 1735 ක අතුරු සම්මත ගිණුම අද දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට වර්තමාන මුදල් අමාත්‍යවරයා කටයුතු කරනු ඇත.








