FAST NEWS

24×7 Around the Globe

අත්අඩංගුවට පත් සන්ධාන මන්ත්‍රී රංජිත් සොයිසා රිමාන්ඩ්…

 

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා ඇතුළු පුද්ගලයින් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජනවාරි 01 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

මන්ත්‍රීවරයා ඇතුළු සැකකරුවන් ඊයේ ගොඩකවෙල පොලිස් ස්ථානයට භාරවීමෙන් අනතුරුව අදාළ අත්අඩංගුවට ගැනීම සිදුවිය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සදහන් කළේ පසුගිය 16 වනදා ගොඩකවෙල නගරයේදී සිදුවූ පහරදීමක් හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුවූ බවයි.