FAST NEWS

24×7 Around the Globe

රිෂාඩ් බදියුදීන් මහතා සිය ධුරයේ වැඩ භාරගනියි…

 

රිෂාඩ් බදියුදීන් මහතා අද (20) පෙරවරුවේ අමාත්‍යධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව සිය අමාත්‍යංශයේ වැඩ භාරගනු ලැබීය.

ඔහු අද දිවුරුම්දෙනු ලැබුවේ කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය ධූරයේයි.

අමාත්‍යාංශ ලේකම් කේ.ඩී. රංජිත් අ⁣ශෝක මහතා ප්‍රමුඛ අමාත්‍යාංශ නිලධාරීන්, අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් (හිටපු) රිෆ්කාන් බදියුදීන් මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගී වී සිටියහ.