FAST NEWS

24×7 Around the Globe

නව පක්‍ෂය සඳහා අනුමැතිය ගැනීමේ යෝජනාව අනිද්දා කෘත්‍යාධිකාරී මණ්ඩලයට..

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ලියාපදිංචි කිරීම සඳහා අනුමැතිය ගැනීමේ යෝජනාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට අනිද්දා (22) ඉදිරිපත් කිරීමට නියමිතය.

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පුළුල් පෙරමුණක් බිහිකිරීම නව පෙරමුණ බිහිකිරීමේ මූලික අරමුණ බවත් වඩාත් ශක්තිමත්ව ඉදිරි අභියෝගවලට මුහුණදීම සඳහා පිහිටුවන මෙම නව පෙරමුණට ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු පක්ෂ සහයෝගය දීමට නියමිතව ඇති බවත් එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ප්‍රකාශක හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පිහිටුවීම සඳහා වන කෙටුම්පත නීති විශාරදයින් විසින් සකස් කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ අධීක්ෂණයට යොමු කර ඇති බවයි වාර්තා වේ.