FAST NEWS

24×7 Around the Globe

හලාවත ගින්නකින් වෙළෙඳසැල්‍ 09 කට හානි…

 

හලාවත නගරයේ පදික වෙළෙඳ සංකීර්ණයක ඇතිවූ ගින්නකින් වෙළෙඳසැල් 09 ක් සම්පුර්ණයෙන්ම විනාශ වී තිබේ.

මෙම ගින්න හටගෙන ඇත්තේ අද (20) අලුයම කාලයේදීයි.

හලාවත පොලීසිය මැදිහත්ව හලාවත නගර සභාවේ ගිනි නිවන ඒකකය කැඳවා ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර ඇත.

ඒ අනුව පැයකට ආසන්න කාලයක් තුළ ගින්න සම්පුර්ණයෙන්ම මැඩපැවැත්වීමට කටයුතු කළ බව වාර්තාවේ.