FAST NEWS

24×7 Around the Globe

මහින්ද රාජපක්ෂ තවමත් ශ්‍රීලනිපයේ …

 

හිටපු ජනාධිපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් නොවුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (19) පෙරවරුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස තවමත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් බවත් සිය මාසික පඩියෙන් රුපියල් 3000ක් තවමත් පක්ෂ අරමුදලට බැරවන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් නිදහස් පක්ෂයේ අනුශාසක ලෙස කටයුතු කරන බවත් ඒ අනුව ඔහුට විපක්ෂ නායක ධූරය සඳහා හිමිකමක් ඇති බවත් ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේය.