පරෙවි දූපත ජාතික උද්‍යානය දින නියමයක් නොමැතිව තාවකාලිකව වසා දැමීමට සිදුවූ බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
මේ දිනවල නිලාවේලි මුහුදේ පවතින රළු ස්වාභාවය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
ඊසාන මෝසම් වර්ෂාව සක්‍රීයවීමත් සමඟ මුහුදේ ඇතිවී තිබෙන කැලඹිලි ස්වාභාවය හේතුවෙන් සංචාරකයන්ගේ ආරක්ෂාව සඳහා මෙම පියවර ගත්බව උද්‍යාන භාරකරු පි.ඩී. සුනිල් ශාන්ත මහතා පැවැසීය.
මේ තත්ත්වය මේ මාසය අවසන් වන තුරු පවතින බවත් එය සාමාන්‍ය තත්ත්වයට පත්වන අවස්ථාවලදී සංචාරකයන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලබාදී කටයුතු කරන නිසා අප ලබාදෙන උපදෙස් අනුව කටයුතු කරන ලෙසටත් සංචාරකයන්ගෙන් ඉල්ලා සිටින බව ඒ මහතා පැවසීය.








