FAST NEWS

24×7 Around the Globe

පිල් මාරුවන මන්ත්‍රීවරුන්ට ජනපතිගෙන් නිවේදනයක්…

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) පස්වරුවේ රැස්විය.

එහිදී එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවට එක්වන නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කිසිවෙකුටත් අමාත්‍යධූර ලබා නොදීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත.

මේ අතර ආණ්ඩුවට සහය දීමට එක්වූ මන්ත්‍රීවරුන් සහ ජනාධිපතිවරයාට අපහාස කරන නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් මීළඟ මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීරණයක් ගන්නා බව නිදහස් පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා අවධාරණය කළේය.