පසුගියදා ප්‍රතිඵල නිකුත් වූ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර නැවත ඇගයීමේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියේ පළකල බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.
එමෙන්ම ශිෂ්‍යත්ව ප්‍රතිඵල නැවත සමීක්ෂණයෙන් පසුව වෙනස්කම් සිදුව ඇත්නම් පමණක් ඒවා එම වෙබ් අඩවියේ පළකර තිබෙන අතර වෙනස්කමක් සිදුව නොමැති ප්‍රතිඵල වෙබ් අඩවියේ පළකර නැතැයිද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මීට අමතරව ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීමට ඉල්ලුම්කර ඇති සියලු අපේක්ෂකයින්ගේ ප්‍රතිඵල විදුහල්පතිවරුන් වෙත තැපෑලෙන් යවා තිබෙන බවද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කර සිටියි.








