FAST NEWS

24×7 Around the Globe

ළහිරු කුමාරට අයි.සී.සී යෙන් දඬුවම් පනවයි..

 

අචාර ධර්ම උල්ලංඝණය කිරිමේ චෝදනාව මත ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාරගේ තරග ගාස්තුවෙන් සියයට 15 ක දඩ මුදලක් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.

එමෙන්ම ඔහු දඩුවම් ළකුණක්ද පිරිනැමීමට කටයුතු කර තිබේ.

නවසීලන්තයට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය වූ ඊයේ (18) ක්‍රීඩක ආචාර ධර්ම උල්ලංඝණය වන අයුරින් හැසිරීම ඔහුට එරෙහි චෝදනාව වි ඇති අතර වරද පිළිගැනීමෙන් පසු තරග තීරක රිචී රිචර්ඩ්සන් විසින් මෙම දඩුවම පනවා තිබේ.