FAST NEWS

24×7 Around the Globe

නව අමාත්‍ය මණ්ඩලය 30ට වැඩිනම් ජවිපෙන් තීරණයක්…

 

පත්කිරීමට නියමිත නව අමාත්‍ය මණ්ඩලය 30 දෙනෙකුට වඩා වැඩි කළහොත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. 

වත්මන් රජය ඒ ආකාරයට ක්‍රියා කළහොත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව කටයුතු කරන බවත් නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා සදහන් කළේය.

ව්‍යවස්ථානුකූල නොවන ආකාරයට කටයුතු කිරීමට වත්මන් අග්‍රාමාත්‍යවරයා උත්සාහ දැරුවහොත් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීමට ද සූදානම් බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සදහන් කළේය.