FAST NEWS

24×7 Around the Globe

විපක්ෂ නායකත්වය මහින්ද රාජපක්ෂට – කථානායක

 

විපක්ෂ නායකවරයා ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන කණ්ඩායම් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත් කළ බවට අද (18) පස්වරු 01 ට පාර්ලිමේන්තුව රැස්වු අවස්ථාවේ කථානායක කරූ ජයසුරු මහතා සඳහන් කළේය.

එසේම විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පක් කෙරෙන බවද එ මහතා දැනුම් දුන්නේය.

එසේම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස එක් එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පත් කෙරෙන බවත් එම පෙරමුණේම ගයන්ත කරුණාතිලක මහතා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස පත් කෙරෙන බවත් කථානායකවරයා සඳහන් කළේය