FAST NEWS

24×7 Around the Globe

අර්ජුන ඇලෝසියස් සහ කසුන් පලිසේන යළිත් රක්ෂිත බන්ධනාගාරයට..

 

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමූහයේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සහ එහි විධායක නිලධාරී කසුන් පලිසේන ලබන 01 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (18) නියෝග කළාය.

මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළව මොවුන්ව රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබීය.

මෙම සිද්ධියට අදාළව වැඩිදුර වාර්තාවක් එදිනට අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  අධිකරණයෙන් නියෝගයක්  නිකුත් කෙරිණි.