FAST NEWS

24×7 Around the Globe

සන්ධාන පක්ෂ නායකයින් හා ජනපති අතර හමුවක්..

 

එක්සත් ජනතා නිදහස් සන්ධාන පක්ෂ නායකයින් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් මේ වන විට ආරම්භ වී තිබේ.

මේ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ එම සන්ධානය නියෝජනය කරන සියළු පක්ෂ නායකයින් සහභාගි වී ඇති බව පැවසේ.

ඉදිරි දේශපාලන ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් මෙහිදි කතිකා කෙරෙන බවද පැවසේ.

මේ අතර එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද අද උදෑසන 11ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීමට නියමිතය.