FAST NEWS

24×7 Around the Globe

දිවයින පුරා තරමක ශීත කාළගුණ තත්ත්වයක්…

 

මේ දිනවල දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාළගුණයක් පවතින අතර තරමක ශීත කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. 

හිමිදිරි කාලයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවතින බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.